Tuesday, January 19, 2016

කිරි ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය - ටින් කිරි 1යි,වතුර කෝප්ප 1යි, සීනි 500   , වැනිලා ස්වල්පයක් 


        
සාදන ආකාරය -  සීනි හා වතුර භාජනයකට දමා සීනි දිය වෙන තුරු උණු කර ගන්න. ගින්දර මදක් අඩු කොට ටින් කිරි වත්කර හැඳි ගාන්න.  මද ගින්නේ මිශ්‍රණය හැඳි ගාමින් හොදින් උකු පදමක් ලැබූ පසු ලිපෙන් බා වැනිලා ස්වල්පයක් යොදන්න. Butter ගා පිළියෙළ කරගත් තැටියකට මෙම මිශ්‍රණය වත්කරන්න.මිශ්‍රණය නිවුණු පසු කැබලි වලට කපන්න.

 
   

Caramel Pudding

අවශ්‍ය ද්‍රව්‍ය -  Caramal සෑදීමට පුරවා ගත් සීනි මේස හැඳි 2යි, ශීත කල වතුර මේස හැඳි 4යි,                 
    බිත්තර 5යි,  කුඩා ටින් කිරි  1යි, පුරවන ලද සීනි හැඳි 1යි, වැනිලා ස්වල්පයක් හා අවශ්‍ය ප්‍රමාණයට ලුණු 



සාදන ආකාරය - භාජනයක් ලිපතබා එයට පුරවා ගත් සීනි මේස හැඳි 2 හා ශීත කල වතුර මේස හැඳි 4 දමා සීනි Caramel සාදා ගන්න.එම   මිශ්‍රණය නිවෙන්නට පෙර භාජනයකට වක්කර ගන්න.ටින්කිරි ,බිත්තර සුදු මද හා කහ මද ,වැනිලා හා අවශ්‍ය ප්‍රමාණයට වතුර යොදා මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රනය සීනි Caramel යෙදු භාජනයටම වක්කර ගන්න. පසුව මිශ්‍රනය වාෂ්පයෙන් තම්බා ගන්න.       



Chocolate Cake

අවශ්‍ය ද්‍රව්‍ය -  Butter 250g, පාන් පිටි 250g , බිත්තර 5යි, සීනි 250g, Baking Powder තේ හැඳි 2, වැනිලා සවල්පයයි, Cocova Powder 250g, කිරිපිටි තේ හැඳි 3යි



සාදන ක්‍රමය - පාන්පිටි,   Baking Powder,  Cocova Powder , එකට කලවම් කර ගන්න. ඉන්පසු හොදින් හලා ගන්න. Butter හා සීනි Beater  එකක් උපයෝගී කරගනිමින් Cream  තත්වයට එනතුරු ගසා ගන්න. පසුව බිත්තර එකින් එක කඩා සුදු මදය හා කහ මදය ඉහත මිශ්‍රණයට එක් කරන්න. නැවතත්  බිත්තර එක්කල පසු මිශ්‍රණය හොදින් ගසා ගන්න. පසුව එම  ගසාගත් මිශ්‍රණයට  ඉහත දැක්වූ පාන්පිටි, Baking Powder, Cocova Powder  මිශ්‍රණය ටිකින් ටික එක්  කරගෙන හොදින් කලවම් කර ගන්න . එයට වැනිලා ස්වල්පයක්ද එක් කර හොදින් කලවම් කර ගන්න. Butter තැවරු තෙල් කඩදාසියක් තැටියට දමා ඒ මතට කේක් මිශ්‍රණය දමා ගන්න. දැන් විනාඩි 35-45 Bake කරගන්න.    


     

Butter Cake

අවශ්‍ය ද්‍රව්‍ය - පාන් පිටි 500g, Butter 500g, Baking Powder තේ හැඳි 2, සීනි 500g , වැනිලා ස්වල්පයි, බිත්තර 6යි,  කිරි පිටි මේස හැඳි 3යි



සාදන ක්‍රමය - මුලින්ම Baking Powder හා පාන් පිටි මිශ්‍ර කර දෙතුන් වතාවක් හොදින් හලා ගන්න. Butter හා සීනි වෙනත් බදුනකට දමා Cream එකක් වනතුරු Beater එකක් උපයෝගී කර ගනිමින් ගසා ගන්න.  ඉන්පසු බිත්තර කඩා සුදු මදය හා කහ මදය එම මිශ්‍රණයට එක් කර ගන්න. නැවතත් එම මිශ්‍රණය හොඳින් ගසා ගන්න. ඉන්පසු පිටි ටිකින් ටික එම මිශ්‍රණයට දමා කලවම් කරගන්න. කලවම් කරන අතරතුර මෙයට වැනිලා ස්වල්පයක්ද එක් කර හොදින් කලවම් කර ගන්න.  තැවරු තෙල් කඩදාසියක් ගෙන එය තැටියෙහි අතුරා එය මතට කේක් මිශ්‍රණය දමන්න. ඉන්පසු විනාඩි 35-45ක් පමණ Bake කර ගන්න. 


               

මිශ්‍ර පලතුරු බීම


අවශ්‍ය ද්‍රව්‍ය -   අන්නාසි ගෙඩි 1යි, කොමඩු ගෙඩි 1යි, අඹ ගෙඩි 4යි, ගස්ලබු ගෙඩි 1යි, වතුර බොට්ල් 2යි, දෙහි යුෂ හා අවශ්‍ය ප්‍රමාණයට සීනි හා ලුණු 


සාදන ක්‍රමය -  සියලුම පලතුරු හොදින් සෝදන්න. අඹ හා අන්නාසි වල පොතු ඇර ගන්න. පසුව ඒවා කැබලිවලට කපන්න. ගස්ලබු හා කොමඩු ගෙඩි පලා එහි ඇති මදය සූරා ගන්න. ඉන් පසු පලතුරු  කැබලි සියල්ලම වතුර ස්වල්පයක් [අවශ්‍යනම් සීනිද එක් කරන්න]  දමා හොදින් ගසා ගන්න. ඉන් පසු මිශ්‍රණය පෙරා එයට තව අවශ්‍ය පමණ වතුරද එක් කර රස අනුව ලුණුද දෙහි යුෂ ද දමා බීමට ගන්න.




               

Chocolate බීම


 අවශ්‍ය ද්‍රව්‍ය - Chocolate කුඩු තේ හැදි 3යි, ශීත කල කිරි 250ml    ,උණු වතුර අවශ්‍ය ප්‍රමාණයට, සීනි අවශ්‍ය ප්‍රමාණයට


සාදන ක්‍රමය - උණු වතුර ස්වල්පයක් ගෙන එයට Chocolate කුඩු දමා හොදින් දිය කරගන්න. එය ශීත කල කිරි වලට හොදින් මිශ්‍ර කරන්න. මිශ්‍රණයේ ස්වභාවය අනුව එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක්  කරන්න. රස අනුව සීනිද එක් කරන්න. ශීතකරණයේ දමා සිසිල් වූ පසු බීමට ගන්න.



       

ගස්ලබු බීම


 අවශ්‍ය ද්‍රව්‍ය - ගස්ලබු ගෙඩි 1යි, දෙහි ගෙඩි 2යි, සීනි 150g  , ලුණු ස්වල්පයක්, අවශ්‍ය ප්‍රමාණයට වතුර  


 සාදන ක්‍රමය - ගස්ලබු ගෙඩිය කපා එහි මදය ඉවත් කර ගන්න. ඉවත් කර ගත් මදය Blender එකට දමා එයට සීනි හා වතුර ස්වල්පයකුත් දමා හොදින් ගසා ගන්න. ගසාගත් මිශ්‍රණය පෙරා එයට රස අනුව ලුණු ද අවශ්‍ය පමණ තවත් වතුරද එක් කරන්න. ඉන් පසු පිළිගන්වන්න. මෙයට පානයට පෙර Ice Cream ස්වල්පයක් එක් කර ගැනීමෙන් තවත් රසවත් වේ.